දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොලොව සාදා,
තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා,
තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරිය සේක.
සියලු මනුෂ්‍යයෝ දැනගන්ම නැතුව මුර්ගයන් මෙන් සිටිති.
සියලු රන්කරුවෝද තමුන්ගේ කැපූ රූප නිසා ලැජ්ජාවට පැමිණ සිටිති.
මක්නිසාද ඔවුන්ගේ වාත්තු රූප බොරුවක්ය.
ඒවා තුල හුස්ම නැත.
ඒවා නිෂ්ඵල කමය.
රැවටිල්ලේ වැඩක්ය.
ඒවාට දඬුවම් කරන කාලයේදී ඒවා නැතිවන්නේය.
යාකොබ්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේ ඒවාට සමාන නැත.
උන්වහන්සේ වනාහි සෑම දේම මැව්වාවූ තැනැන්වහන්සේය.
උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමින්වහන්සේය.
-යෙරෙමියා 51:15
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)